Tuesday, June 9, 2020
ඔබට ප්‍රතිකාර
ඔබේ හන්දි වේදනා, මස්පිඩු වේදනා සදහා මෙම පෝස්ටුවේ කොමන්ට් එකක් මගීන් වැඩිදුර තොරතුරු හෝ ප්‍රතිකාර පිලිබඳ ව විමසා සිටින ලෙස පාඨක ඔබට කාරුනිකව නිවේදනය කරමි.
✋ අතේ කැක්කුම 5
අතේ කැක්කුම 05(carpal tunnel syndrome )
බෙහෙත් බැදීම
එඩෙරු තෙල් සත්කාරය දින දෙකක් සිදු කරන ඔබ ඉන් දින දෙකකට පසුව බෙහෙත් බැදීම සිදුකිරීම කලයුතුයි. ඒ සදහා අමු පැපොල් ගැටයක් පොතු ඉවත් කොට පෙතිකපා මිටි කිරෙන් ලිපතබා මද ගින්දරේ හොදින් හිදෙනතුරු තම්බාගතයුතු, එය නිවුනු පසු හොදින් පොඩි කර එම පල්පය වැලිමිටේ ඇතුල්පැත්තේ හොදින් තවරා රෙදිපටියෙකින් තද නොකොට වෙලීම කරන්න. රාත්‍රීකාලයේ සියලු වැඩ අවසන්කොට බෙහෙත් බදින්න. දින දෙකක්. එම දිනවල උදෑසන වැඩ ආරම්භයට පෙර මීතෙල් එඩරුතෙල් සමසමව මුසු කොට ආලේප කරගන්න.
සැලකිය යුතුයි
මෙම රෝගය සදහා පූර්ණ ප්‍රතිකාර සිදුකිරීමට සති දෙකක කාලයක් ගතවේ. සුවය සදහා මෙම අපහසු නොවන ප්‍රතිකාර නිවරදිව උවමනාවෙන් සිදුකරන්න.බටහිර වෙදකම අනුව ඒ සදහා ශල්‍යකර්මය සිදුකලහොත් ඔබට දින දාහතරක් තුවාලය සුවවනතුරු කිසි වැඩක් නොකොර සිටීමට සිදුවන අතර එසේම අදික වියදමක් ද දැරීමට සිදුවේ.
අතේ කැක්කුම4
අතේ කැක්කුම 04( carpal tunnel syndrome )
මී තෙල් සත්කාරය දින දෙකක් උදේ සවස සිදු කරන ඔබ තුන්වන දිනයේදී උදය එඩෙරුතෙල් එම සත්කාරය සදහා භාවිතා කරන්න. එම තෙල් ද මදක් රත් කොට ආලේප කරන්න. ඔබට තෙල් රත්කොට ආලේප කිරීම අපහසුනම් ඒ සදහා හෙයාර් ඩයර් එකක් භාවිතා කරන්න. තුන්වන දිනයේ සිට අල්ල තෙල් සාත්තු කිරීමට පටන් ගන්න. ඒ සදහා තෙල් ගල්වන්නා මාපට ඇගිලි පින්තූරය පරිදි භාවිතා කරන්න.
අතේ කැක්කුම3
අතේ කැක්කුම 03 (carpal tunnel syndrome )
ප්‍රතමයෙන් තෙල් සාත්තුව සිදු කරන අතර ඒ සදහා රෝගියා දින දෙකක් ඊට සූදානම් විය යුතුය
බටු,කොස්,මෑකරල්,රාබු වැනි ආහාර නොගැනීම,
කිරි,මස්,බිත්තර වැනි ආහාර ගොටුකොළ , මුගුනුවැන්න, මුරුංගා කොල වැනි ආහාර වැඩිපුර ගැනීම තුලින් රෝගියා ශක්තිමත් කිරීම.
පලමු තෙල් සාත්තුව ...
රෝගියා ඇදක් මත පහසුවෙන් නිදි කරවා මදක් රත් කරන ලද මී තෙල් උරහිසේ සිට ඇගිලි කෙලෙවර දකවා ගාමින් තෙරපුම අවමව හොදින් ගල්වන්න..
මැණික්කටුව ඇතුලු පැත්ත පිරිමැදීම නොකල යුතුය..(චායාරූපයේ පරිදි එතනින් පිරිමැදීම නැවැත්වීම කලයුතුය)
අතේ කැක්කුම 2
අතේ කැක්කුම 2(carpal tunnel syndrome )
ඉහත ලිපියෙන් කියවුනු රෝග ලක්ශණ ඇත්නම් ඒ සදහා
තෙල්
තැවුම්
පත්තු මගීන් ප්‍රතිකාර සිදුකරන අතර ඉන් මද්‍ය ස්නායුව තෙරපුමට ලක්කරනු ලබන (බටහිර වෙදකමේ කපා දමන) මාංශ පේශිය මෙලෙක් කොට තෙරපුම ඉවත් කිරීම මගීන් රෝගය සුවකරනු ලැබේ.
අතේ කැක්කුම (carpal tunnel syndrome )
එදිනෙදා කාර්‍ය බහුල ඔබ මෙම වේදනාවෙන් බොහෝ පීඩාකාරී වෙන්නෙකු විය හැක. අතේ වැලිමිට පටන් මැණික්කටුව අත්ල අතැගිලි මෙම වේදනාවෙන් පීඩාකාරී වෙයි.
රෝග ලක්ශණ
1)මුල් කාලයේ රෙදි සෝදනවිට, පොල් මිරිකනවිට,කතුර භාවිතයේදී, මෝටසයිකල් බාවිතයේදී අතේ ඇගිලිවල හිරිවැටීම
2)ක්‍රමයෙන් එය වේදනාවෙන් පීඩාදීම
3)අලුයම අදික වේදනාව
මෙම රෝගලක්ශන ඇත්නම් බොහෝවිට carpal tunnel syndrome යන රෝගය යැයි බටහිර වෙදකමේ හදුන්වන රෝගය විය හැක. මෙම රෝගය කාන්තාවන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට සුලබව දැකිය හැකි තත්වයකි.
බටහිර වෙදකමට අනුවත් සැබෑ තත්වයත් වන්නේ අත ඉහල සිට පැමිනෙන ස්නායූන් (මද්‍ය ස්නායුව)මැනික්කටුව ප්‍රදේශයේ දී තෙරපුමට දීර්ඝ කාලීනව ලක්වීමෙන් ඇතිවන තත්වයකි. ඒ තත්වය අදික වීමෙන් ස්නායු වෛද්‍යවරුන් ශල්‍යකර්ම නිර්දේශ කෙරේ.
(ලිපි පෙල ඉදිරියට 01/02/ ලෙස පල කෙරේ )
Subscribe to:
Comments (Atom)
ඔබට ප්‍රතිකාර
ඔබේ හන්දි වේදනා, මස්පිඩු වේදනා සදහා මෙම පෝස්ටුවේ කොමන්ට් එකක් මගීන් වැඩිදුර තොරතුරු හෝ ප්‍රතිකාර පිලිබඳ ව විමසා සිටින ලෙස පාඨක ඔබට කාරුනිකව ...
-
අතේ කැක්කුම 01(carpal tunnel syndrome ) එදිනෙදා කාර්‍ය බහුල ඔබ මෙම වේදනාවෙන් බොහෝ පීඩාකාරී වෙන්නෙකු විය හැක. අතේ වැලිමිට පටන් මැණික්කටුව අත්...
-
ඔබේ හන්දි වේදනා, මස්පිඩු වේදනා සදහා මෙම පෝස්ටුවේ කොමන්ට් එකක් මගීන් වැඩිදුර තොරතුරු හෝ ප්‍රතිකාර පිලිබඳ ව විමසා සිටින ලෙස පාඨක ඔබට කාරුනිකව ...
-
අතේ කැක්කුම 2(carpal tunnel syndrome ) ඉහත ලිපියෙන් කියවුනු රෝග ලක්ශණ ඇත්නම් ඒ සදහා තෙල් තැවුම් පත්තු මගීන් ප්‍රතිකාර සිදුකරන අතර ඉන් මද්‍ය...

