Tuesday, June 9, 2020

✋ අතේ කැක්කුම 5

අතේ කැක්කුම 05(carpal tunnel syndrome )
බෙහෙත් බැදීම
එඩෙරු තෙල් සත්කාරය දින දෙකක් සිදු කරන ඔබ ඉන් දින දෙකකට පසුව බෙහෙත් බැදීම සිදුකිරීම කලයුතුයි. ඒ සදහා අමු පැපොල් ගැටයක් පොතු ඉවත් කොට පෙතිකපා මිටි කිරෙන් ලිපතබා මද ගින්දරේ හොදින් හිදෙනතුරු තම්බාගතයුතු, එය නිවුනු පසු හොදින් පොඩි කර එම පල්පය වැලිමිටේ ඇතුල්පැත්තේ හොදින් තවරා රෙදිපටියෙකින් තද නොකොට වෙලීම කරන්න. රාත්‍රීකාලයේ සියලු වැඩ අවසන්කොට බෙහෙත් බදින්න. දින දෙකක්. එම දිනවල උදෑසන වැඩ ආරම්භයට පෙර මීතෙල් එඩරුතෙල් සමසමව මුසු කොට ආලේප කරගන්න.

සැලකිය යුතුයි 

මෙම රෝගය සදහා පූර්ණ ප්‍රතිකාර සිදුකිරීමට සති දෙකක කාලයක් ගතවේ. සුවය සදහා මෙම අපහසු නොවන ප්‍රතිකාර නිවරදිව උවමනාවෙන් සිදුකරන්න.බටහිර වෙදකම අනුව ඒ සදහා ශල්‍යකර්මය සිදුකලහොත් ඔබට දින දාහතරක් තුවාලය සුවවනතුරු කිසි වැඩක් නොකොර සිටීමට සිදුවන අතර එසේම අදික වියදමක් ද දැරීමට සිදුවේ.

No comments:

Post a Comment

ඔබට ප්‍රතිකාර

ඔබේ හන්දි වේදනා, මස්පිඩු වේදනා සදහා මෙම පෝස්ටුවේ කොමන්ට් එකක් මගීන් වැඩිදුර තොරතුරු හෝ ප්‍රතිකාර පිලිබඳ ව විමසා සිටින ලෙස පාඨක ඔබට කාරුනිකව ...